ආයෝජනය සඳහා හිතකර පරිසරයක් ශ්‍රී ලංකාව තුළ නිර්මාණය වී ඇතැයි ඇමෙරිකාව පවසයි.
ඊයේ (12) දින මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා හමුවූ ආර්ථික සහ ව්‍යාපාරික කටයුතු පිළිබඳ අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් චාල්ස් එච්. රිව්කිං (Charles H. Rivkin) මහතා මේ බව පවසා තිබේ.
ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ප්‍රසාදය පළ කළ චාල්ස් එච්. රිව්කිං මහතා, අමෙරිකාවේ ඉහළ පෙළ ව්‍යාපාරිකයන් ශ්‍රී ලංකාවේ ආයෝජනය කෙරෙහි යොමු කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන බවත්, වත්මන් රජය බලයට පත් වීමෙන් පසු රට තුළ සිදු ව ඇති ආර්ථික වෙනස්කම්, ශ්‍රී ලංකාව හමුවේ ඇති ආර්ථික අභියෝග ජය ගැනීම සඳහා මනා ප්‍රවේශයක් බව ද පෙන්වා දී තිබේ.
Add Comment