එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැන් කි මූන් ලංකාවට

banki moon_CIඑක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැන් කි මූන් මහතා මේ මස අගදී දිවයිනට පැමිණීමට නියමිත බව වාර්තාවේ. ඔහුගේ පැමිණීම සම්බන්‍ධයෙන් එක්සත් ජාතීන් සංවිධානයේ නියෝජිතයන් සමඟ රජය සාකච්ඡා කර ඇති බව ද පැවැසේ.

එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැන් කි මූන් මේ වසරේ ශ්‍රී ලංකාවට එන බව විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා ජීනිවා නුවර පැවැති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 32 වැනි සැසිවාරය අමතමින් පවසා තිබුණි.

ශ්‍රී ලංකාවේ ප්‍රගතිය සම්බන්ධයෙන් අවධානය යොමු කරන සියලු දෙනාට සිය රටට පැමිණ සංචාරයක නිරත  වන්නැයි ද ශ්‍රී ලංකාවට විවිධ චෝදනා එල්ල කරන පාර්ශවවලටද රට අත්පත් කරගෙන ඇති ප්‍රගතිය බැලිය හැකි යැයි ද මංගල සමරවීර එහිදි ප්‍රකාශ කර තිබුණි.

බැන් කී මූන් මහතාගේ පැමිණීම සම්බන්‍ධයෙන් ආරක්‍ෂක කටයුතු සැපයීම ගැන රජය සාකච්ඡා කර ඇතැයි පැවැසේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top