හමුදාව යොදවා කංසා වගා කිරීමේ වැඩපිළිවෙළ ඉදිරියේ දී දියත් කිරීමට බලාපොරොත්තු වන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
ඊයේ දින බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ පැවැති උත්සවයකට එක්වෙමින් ඇමැතිවරයා මේ බව පවසා තිබේ.
ආයුර්වේද ඔසු උයන් පෞද්ගලික අංශයේ දායකත්වය මත සංවර්ධනය කිරීමට බලාපොරොත්තු වන අතර ම ශ්‍රී ලංකාවට අවශ්‍ය දේශීය ඖෂධ වර්ග රැසක් ඉන්දියාවෙන් ආනයනය කරන බවත් අබිං එලෙස ආනයනය කරන එක ඖෂධයක් බවත් කංසා වගා කිරීමේ යෝජනාව පසුගිය වසරේ දී ඉදිරිපත් කළ අතර ඒ සඳහා මහා සංඝරත්නය විරුද්ධත්වයක් නොමැති බැවින් හමුදාව යොදවා කංසා වගා කිරීමේ වැඩපිළිවෙළ ඉදිරියේ දී දියත් කිරීමට මම බලාපොරොත්තු වන බව ද අමාත්‍යවරයා පවසා තිබේ.
Add Comment