“ගිරව්” හෙවත් Parrotfish යනුවෙන් හඳුන්වන මත්ස්‍ය විශේෂය ඇල්ලීම තහනම් කිරීම කෙරෙහි ධීවර හා ජලජ සම්පත් සංවර්ධ අමාත්‍යාංශයේ අවධානය යොමු වී තිබේ.
ශ්‍රී ලංකාව වැනි ඝර්ම කලාපීය රටවල නොගැඹුරු මුහුද ආශ්‍රීත ව ජීවත් වන අලංකාර මත්ස්‍ය විශේෂයකි. කොරල්පර ආශ්රිත ව බහුලව වෙසෙන මෙම මසුන් මුහුදු පැළෑටි හා ගල්පර ආශ්‍රිතව ජීවත් වෙති. එමනිසා සංචාරකයින් මෙම මසුන් නැරඹීම සඳහා බහුලව අප රටට පැමිණෙන අතර, එම නිසා සංචාරක කර්මාන්තයට විශාල ආකර්ශණයක් මෙම මසුන්ගෙන් ලැබී තිබේ.
එමෙන්ම ජෛවමය ඛාදනයන් වැළැක්වීම සඳහා මෙම මත්ස්‍යයා කටයුතු කරන අතර එම නිසා පරිසර හිතකාමි මත්ස්‍යයකු වශයෙන් ද සැළකේ. කෙසේ වුවද මෙම මසුන් අපේ ඇතැම් ධීවරයින් විසින් අල්ලා ගන්නා නිසා එම විශාල මසුන් වඳ වී යාමේ තර්ජනයකට මුහුණ පා ඇති හෙයින් ගිරව් ඇල්ලීම තහනම් කරන ලෙස පරිසර සංවිධාන කිහිපයක් විසින් විෂය භාර අමාත්‍යවරයාගෙන් ඉල්ලා තිබේ.
Add Comment