පොලිස් වර්ණ රාත්‍රිය අද

පොලිස් වර්ණ රාත්‍රිය අද (31)අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දී පැවැත්වේ.
පොලිස් ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිරිගැන්වීම සඳහා පොලිස් ඉතිහාසයේ පළමුවරට වර්ණ රාත්‍රියක් පවත්වා ඇත්තේ 1968 වර්ෂයේ වන අතර මෙවර පවත්වනු ලබන්නේ 12වන වර්ණ රාත්‍රියයි. පොලිස් ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිරිගැන්වීම හා ඔවුන් අභිප්‍රේරණය කිරීමේ අරමුණින් පොලිස් වර්ණ රාත්‍රිය සංවිධානය කෙරේ.
මෙම වර්ණ රාත්‍රියේදී පොලිස් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 213කට විශේෂ උසස්වීම්, පොලිස් වර්ණ, වැටුප් වර්ධක, පොලිස්පති ප්‍රසංශා සමඟ රුපියල් මිලියන 60ක මුදලක් මුදල් ත්‍යාග වශයෙන් ලබාදීමට ද කටයුතු යොදා ඇත.
මෙම අවස්ථාවට නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක, ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර, පොලිස්පති පූජිත් ජයසුන්දර මහත්වරු ඇතුළු විශාල පිරිසක් සහභාගිවීමට නියමිතය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top