අතුරුදහන්වූවන් පිළිබඳ සොයා බැලීමේ පනත සම්මත කිරීම ගැන ඇමරිකාව ප්‍රශංසාව පළකරයි.

us_CIඅතුරුදහන්වූවන් පිළිබඳ සොයා බැලීමේ පනත සම්මත කිරීම ගැන ඇමරිකාව ප්‍රසාදය පළකර තිබේ.

අතුරුදහන්වූවන් පිළිබඳ සොයා බැලීමේ පනත පසුගිය දා පාර්ලිමෙන්තුවේදී සම්මත කර තිබුණි. මෙම පනත සම්මත කිරීම රට පෙරට ගෙන යන ප්‍රධාන කටයුත්තක් ලෙස හැඳින්විය යුතු බව ඇමරිකාව පවසා තිබේ.

සත්‍යතාවය දැන ගැනීමට හා සංහිඳියාව ඇති කිරීමට මෙම කාර්‍යාලය රුකුලක් වනු ඇතැයි දකුණ හා මධ්‍යම ආසියානු රටවල් භාර ඇමරිකානු නියෝජ්‍ය රාජතාන්ත්‍රික ලේකම් නිෂා බිස්වාල් මහත්මිය පවසා තිබේ.

මේ අතර යුක්තිය, ප්‍රතිසන්ධානය හා වගවීම වෙනුවෙන් කැපවන අවස්ථාවක ශ්‍රී ලංකාව තැබූ ඓතිහාසික පියවරක් ලෙස මෙය සැලකිය හැකි බව ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් හා කම්කරු කටයුතු පිළිබඳ අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් ටොම් මැලිනොස්කි මහතා ද ට්විටර් පණිවිඩයක් මඟින් සඳහන් කැර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top