SRILANKAN NEWS

බලය බෙදිය යුත්තේ ජනතාව ශක්තිමත් කිරීමටයි – නිරෝෂන් පෙරේරා

ශ්‍රී ලංකාවේ බලය බෙදීම සිදු කළ යුත්තේ ජනතාව ශක්තිමත් කර අවශ්‍යතා ඉටුකිරීමට මිස දේශපාලකයින්ගේ අවශ්‍යතා ඉටු කිරීමට හෝ ඔවුන් සතුටු කිරීමට නොවන බව ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පවසයි.

බලය බෙදීම සහ ජනතා අවශ්‍යතා ඉටුකිරීම පිළිබඳ විශේෂ නිවේදනයක් නිකුත් කරමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පවසා තිබේ.

පළාත් සභා ක්‍රමය වියදම් අධික අකාර්යක්ෂම ක්‍රමයක් බවට පත් වී ඇති බවත්, ජනතාවට ඍජුව පරිපාලනය හා ප්‍රතිපාදන ගෙනයන දිස්තික් සහ ප්‍රාදේශීය ලේකම් ක්‍රම තුළින් ඊට වඩා ජනතාවගේ අවශ්‍යතා සැපිරෙන බව ද එහිදී සඳහන් කර තිබේ.

බලය බෙදීම දේශපාලනීකරණය නොවී ජනතා හිතවාදී වියයුතු බවත් පළාත්සභා, මධ්‍යම රජය සහ බලය විමධ්‍යගත කරන ව්‍යුහයන් සමග එක්ව කටයුතු නොකාලහොත් ජනවාරි 8 ජනතාවට පොරොන්දු වූ රාජපක්ෂ ගෝත්‍රික වාදය අතුගා දැමීමේ ප්‍රයත්නය අසාර්ථක වනු ඇති බව ද නිරෝෂන් පෙරේරා මහතා වැඩිදුරටත් පවසා තිබේ.