ශී‍්‍ර ලංකාව ථෙරවාදී බෞද්ධ මධ්‍යස්ථානයක් ලෙස ගොඩනගනවා – ජනපති

ශී‍්‍ර ලංකාව ථෙරවාදී බෞද්ධ මධ්‍යස්ථානයක් ලෙස ගොඩනගමින් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා රජයක් ලෙස ඉටුකළ හැකි සෑම වගකීමක්ම ඉටුකරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ඊයේ (31) පස්වරුවේ ජාතික බෞද්ධ බුද්ධි මණ්ඩලය ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී රැස්වූ අවස්ථාවේ මේ බව පවසා තිබේ.

දහම් පාසල් අධ්‍යාපනය සඳහා විෂය මාලාව සංවර්ධනය කිරීම හා ක‍්‍රමවත් කළ යුතු බවද ජනාධිපතිවරයා එහිදී පවසා තිබේ. පිරිවෙන් අධ්‍යාපනය නඟාසිටුවමින් එහි පහසුකම් වැඩිදියුණු කිරීම වෙනුවෙන් ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි කි‍්‍රයාත්මක කර ඇති වැඩසටහන් පිළිබඳ පිරිවෙන් අධ්‍යක්ෂ මහාචාර්ය පූජ්‍ය නාබිරිත්තන්කඩවර ඥානරතන ස්වාමින් වහන්සේ මෙහිදී ජනාධිපතිතුමා වෙත සිය විශේෂ ස්තූතිය ද පළකර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top