SRILANKAN NEWS

විග්නේෂ්වරන් වගේ අගමැතිවරයා ද උග්‍ර දෙමළ ජාතිවාදියෙක් – ගලගොඩඅත්තේ ඥානසාර හිමි

වත්මන් අාණ්ඩුවේ අග්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා උග‍්‍ර දෙමළ ජාතිවාදි නායකයෙක් බවත් ඒ මහතා සහ උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී විග්නේෂ්වරන් මහතා අතර කිසිදු වෙනසක් නොමැති බව බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පවසයි.

දෙමළ ජාතියට පක්‍ෂපාති නායකයකු ලෙස රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කරන බව ඊයේ (31) කිරුළපනදී පවත්වන ලද මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් ඥානසාර හිමියන් මෙලෙස චෝදනා කර තිබේ.

රටේ ප්‍රධාන ආයතනවල ඉහළ තනතුරුවලට සිංහල බෞද්ධ නොවන අයව පත්කර ඇති බවත්, රටේ පුරවැසි භාවය නොමැති පුද්ගලයන්ට ද ඉහළ තනතුරු ලබාදී ඇති බවද ඥානසාර හිමියන් චෝදනා කර තිබේ.

මහ බැංකු බැදුම්කර වංචාවෙන් උපයාගන්නා ලද දැවැන්ත මුදල් සම්භාරය සහ දමිළ ඩයස්පෝරාවේ ධනය යොදා ගනිමින් මෙරට සිංහල බෞද්ධ ව්‍යාපාර කොල්ලකෑමට බෙදුම්වාදීන් උත්සාහ කරමින් සිටින බවත් මහබැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට ජනාධිපතිවරයා විසින් කොමිෂන් සභාවක් පත්කිරීම නූල් සූත්තරයක් පමණක් බවත් පූජ්‍ය ඥානසාර හිමියන් තවදුරටත් අවධාරණය කර තිබේ.