කරුණා අම්මාන්ගේ නඩුව කල් යයි..

රජයේ වාහන අවභාවිත කළ බවට චෝදනා කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන්ට එරෙහි නඩුව යළි මැයි 24 වැනි දා කැඳවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා අද (01) නියෝග කර තිබේ.

අදාළ නඩුව අද දින කැඳවූ අවස්ථාවේ මෙම නඩුවේ විමර්ශණ වාර්තාව නීතිපති වෙත යවා ඇති බව මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණය වෙත දැනුම් දී තිබේ.

මේ අතර, කරුණා අම්මාන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටළුවක් පවතින බැවින් සතියකට වරක් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණෙන ලෙස පනවා ඇති නියෝගය ලිහිල් කර මසකට වරක් එක් ඉරිදා දිනයක මූල්‍ය අපරාධ කොට්ඨාසය හමුවේ පෙනී සිටින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නියෝග කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top