SRILANKAN NEWS

සුමන්දිරන් ඝාතන කුමන්ත්‍රණය – ගෝලීය දෙමළ සංසදය හෙලා දකියි..

දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතා ඝාතනය කිරීමට කළ උත්සාහය ගෝලීය දෙමළ සංසදය හෙලාදැක තිබේ. මෙම ඝාතන උත්සහය දැඩි ලෙස හෙලා දැකින බව නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබේ.

සුමන්දිරන්ව යාපනයේදී ඝාතනය කිරීමට උත්සහ කිරීමේ පුවත කම්පා සහගත බවත්, එම ඝාතන තැත පරාජය කිරීම ගැන තෘප්තියට පත්වන අතර, එම කුමන්ත්‍රණය මැඩපැවැත්වූ සියළු පාර්ශවයට ස්තූතිය පළ කරන බවද සඳහන් කර තිබේ.

දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ති‍්‍ර එම්.ඒ සුමන්තිරන් ඝාතන තැත පිටුපස සිටින පුද්ගලයින් වහා අනාවරණ කර දඞුවම් ලබාදිය යුතු බවත්, 2009 වසරේ යුද්දය අවසන්වූ පසු කාලයේදී දෙමළ දේශපාලනයට සුමන්දිරන් වැඩි දායකත්වයක් ලබාදි ඇති බවද පවසා තිබේ.

දෙමළ ජතාවගේ ප්‍රශ්ණවලට සාමකාමි මාර්ගයකින් විසඳුමක් ලබාදිය යුතුයි යන අරමුණින් සුමන්දිරන් නිර්භීතව සිදුකරන වැඩ කටයුතු ප්‍රසංශනීය බව ගෝලීය දෙමළ සංසදය වැඩිදුරටත් සඳහන් කර තිබේ.