කෝනාවිල් ජනතාවගේ පානීය ජල ප්‍රශ්ණය විසඳන්නැයි ඉල්ලීමක්..

කිලිනොච්චිය කෝනාවිල් ප්‍රදේශයේ පවතින පානීය ජල අර්බුදය නිසා ජනතාව දැඩි අපහසුතාවලට මුහුණ දෙමින් සිටින බව වාර්තාවේ. කිලිනොච්චිය කරයිච්චි ප්‍රාදේශිය ලේකම් කොඨාශයට අයත් පවුල් 1100කට වැඩි ජනතාවක් ජීවත්වන මෙම ප්‍රදේශයේ දිගු කලක් තිස්සේ පානීය ජල අර්බුදය පවතියි. නියං කාලයේ ළිංවල ජලය සිදී යාමෙන් ජලය ලබා ගැනීමට සහ දිය නෑමට කි.මී. තුනකට එහා පිහිටි පුදුමුරුප්පු වැවට යෑමට සිදුව තිබේ.

මෙම ප්‍රදේශය මුල්කර පානීය ජල ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන ලෙස ප්‍රදේශවාසීන් දිගින් දිගටම ඉල්ලා සිටිති. ගාන්ධික් ගම්මානය, කෝනාවිල් මැද, රාජන් ජනාවාසයෙහි ජීවත්වන ජනතාව මෙලෙස පානීය ජලය නොමැතිව දැඩි අර්බුදයකට මුහුණ දෙමින් සිටින බව වාර්තාවේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top