SRILANKAN NEWS

සුමන්දිරන්ට එස්.ටි.එෆ්. ආරක්‍ෂාව

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමෙන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් මහතාට දැඩි ආරක්‍ෂාවක් සපයා දී තිබේ.

සුමන්දිරන් මහතාව කිලයිමෝර් බෝම්බ ප්‍රහාරයකින් ඝාතනය කිරීමට සැලසුම් කර ඇති බව පවසා, සැකකරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මෙවැනි තත්වයකදී මන්ත්‍රීවරයාගේ ආරක්‍ෂාව තරකර තිබේ.

වට්ටුකෝට්ටයි හින්දු විදුහලේ තරුණයකු පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්‍ධ නඩුව අද දින යාපනය අධිකරණයේ කැඳවා තිබුණි. එහිදී විත්තිකරුවන් පාර්ශවයෙන් පාර්ලිමෙන්තු මන්ත්‍රී සහ නීතීඥ එම්.ඒ. සුමන්දිරන් මහතා අධිකරණයේ පෙනී සිටියේය. ඉන් අනතුරුව යාපනය අධිකරණ පරිශ්‍රය ඇතුළු ප්‍රදේශයේ දැඩි ආරක්‍ෂාවක් යොදවා තිබුණි. තවද මන්ත්‍රීවරයාගේ වාහන රථ පෙලට පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්‍ෂාව ද ලබාදී තිබේ.