SRILANKAN NEWS

වෙසක් උළෙලට පෙර ඡන්දය බෑ – මහින්ද දේශප්‍රිය

සීමා නිර්ණ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කිරීම තවදුරටත් කල් ගොස් තිබෙන නිසා වෙසක් උත්සවයට පෙර මැතිවරණය පැවැත්වීමට නොහැකි වන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

සීමා නිර්ණය ගැසට් නිවේදනයකින් ප්‍රකාශයට පත් කළද පනතෙහි තාක්ෂණික ගැටලු පවතින බවත්, එම ගැටලු විසඳීම පාර්ලිමේන්තුව සතු දෙයක් බවත් එම කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේය.

පක්ෂ නිත්‍ය නියෝජිතයන් සමග මැතිවරණ කොමිෂන් සභාව පැවැත්වූ සාකච්ඡාවේදී මැතිවරණ කඩිනමින් පැවැත්විය යුතු යැයිසියලු දෙනා කී බවද ඒ මහතා පවසා සිටියේය.

මේ නිසා පනතේ තාක්ෂණ ගැටලු දින 14 – 30 අතර කාලයකදී විසඳාගැනීමට හැකියාව තිබෙන බවද මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේය.

සීමා නිර්ණ ගැසට් කරනතුරු පනතේ ගැටලු විසඳාගැනීමට නොහැකි වුවහොත් එදිනට ඒ ගැන බලාගන්නා බවද ඔහු පවසා සිටියේය. එහෙත් මුහුදබොහෝ දුර තබාගෙන නාන ඇඳුම ඇඳනොගන්නා බවත්, වෙරළට පැමිණි පසු එදාට තීරණයක් ගන්නා බවත් මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේය.

මැතිවරණ කොමිෂන් සභාව ලෙස යම් නරකක් වෙනවා යැයි නොසිතන අතර, කොමිසම සෑම විටම විශ්වාසය තබා තිබෙන්නේ යහපතක්ම වනු ඇති බවට යැයිද හෙතෙමපවසා සිටියේය.

Ada