SRILANKAN NEWS

ජනාධිපති හා අගමැති අතර විශේෂ සාකච්ඡා හමුවක්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අතර ඔවුන් දෙදෙනා පමණක් සහභාගි වූ විශේෂ සාකච්ඡාවක් ඊයේ (01) රාත්‍රියේ පැජට් පාරේ ජනාධිපති නිවසේදී පවත්වා තිබේ.

ඊයේ රාත්‍රී 8.30 ට පමණ ආරම්භ වූ මෙම සතර කන් මන්ත්‍රණය රාත්‍රී 11.30 පමණ වනතෙක් පවත්වා ඇත.

ඔවුන් දෙදෙනා අතර සාකච්ඡා වූයේ කුමන කරුණු සම්බන්ධයෙන්දැයි මේ වනතෙක් කිසිවෙකුට අනාවරණය වී නොමැත.

කෙසේ වෙතත් සාකච්ඡාවෙන් අනතුරුව සිනාමුසු මුහුණින් පිටතට පැමිණ ඇති ජනාධිපතිවරයා අගමැතිවරයාගේ රථය අසලටම පැමිණ එකිනෙකාගෙන් සමුගෙන තිබේ. පසුගිය මාස කිහිපය තුළ සිදුවූ නොහොඳ නෝක්කාඩු සියල්ල සමනය වූ බවක් නායකයන් දෙදෙනාගේ හැසිරීම තුළින් පෙනීගිය බව ඔවුන් දෙදෙනාට සමීප ආරංචි මාර්ග සඳහන් කර සිටී.