සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සංවිධානය විසින් නිකුත් කළ නිදහස් දින පණිවුඩය

“අප මවුබිම වන ශ‍්‍රී ලංකාවේ 69 වන නිදහස් දින සැමැරුම වෙනුවෙන් සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සංවිධානය විසින් මේ පණිවිඩය නිකුත් කරන්නේ ඉමහත් සතුටිනි.

අප ගේ ලස්සණ රටින් ජාතිවාදය තුරන් කිරීමට අප සියලූ දෙනා එක් වෙමු. අපි සාමයෙන් හා සහජීවනයෙන් ජීවත් වෙමින් මේ රට සංවර්ධනය හා සෞභාග්‍යය කරා ගෙනයා යුතු වෙමු. මෙය අත්පත් කරගත හැක්කේ ජාතිවාදය පරාජය කර ප‍්‍රජාවන් අතර එක්සත් බව ඇති කිරීමෙනි.

මේ බහු-ජාතික රටෙහි බොදු, හින්දු, මුස්ලිම් හා ක‍්‍රිස්තියානි ඇතුළු සියලූ දෙනා තම තමන් ගේ ආගමික ඉගැන්වීම් ගරු කරමින් හා අනෙක් ආගම්වලට ගරු කිරීමේ ආචාරධර්මය වැඩීම මඟින් සෞභාග්‍යය, සංවර්ධනය හා ප‍්‍රගතිය අත් කරගැනුමට නොක`ඩවා කටයුතු කළ යුතු ය යන්න අප ගේ යැදුම ද පැතුම ද වන්නේ ය.

එ බැවින් එක්සත් බව, සාමය, සහජීවනය හා සංහිඳියාව මඟින් සෞභාග්‍යවත් දේශයක් ගොඩ නැඟීම පිණිස වෑයම් කරන සැම සිරි ලක් වැසියකු කෙරෙහි ම ආසී වැසි වස්වන මෙන් සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සංවිධානය සර්වබලධාරී දෙවියන් ගෙන් යදින්නේ ය.”

අශ්-ශෙයික් එම්.එම්.ඒ. මුබාරක්
මහලේකම්
සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top