SRILANKAN NEWS

කේප්පාපිලවු ජනතාවට සහාය පළ කර, මුල්ලතිව් ව්‍යාපාරිකයන් වෙළඳසැල් වසා දමයි..

තම ඉඩම් නිදහස් කරන්නැයි ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහයක නිරතව සිටින කේප්පාපිලවු, ජනතාවට සහාය පළ කරමින් මුල්ලතිව් ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් අද දින සිය වෙළඳසැල් වසා විරෝධතාවක යෙදී සිටියි.

ගුවන් හමුදාව විසින් අත්පත්කරගෙන සිටි ඉඩම් යළි එහි මුල් අයිතිකරුවන්ට ලබාදීම සඳහා පසුගිය සඳුදා දින කේප්පාපුලවු ග්‍රාම සේවා නිළධාරියා විසින් ප්‍රදේශවාසීන්ට ඇරයුම් කර තිබුණි. ඒ අනුව ජනතාව එහි ගිය නමුත් රාජ්‍ය නිළධාරින් කිසිවකු එහි නොපැමිණීම හේතුවෙන් ඉඩම් නිදහස් කිරීම සම්බන්‍ධන් තමන් දිගින් දිගටම රැවීමට ලක්වන බව පවසා එම ජනතාව විරෝධතාවයක නිරතවූහ.

මෙලෙස තම ඉඩම් වාහම නිදහස් කරන්නැයි අවධාරණය පසුගිය අඟහහරුවාදා දින සිට කෙප්පාපිලවු ජනතාව විරෝධතාවයෙහි නිරතව සිටිති. එම ජනතාව නිදහස් දිනය සිය ශෝක දිනය ලෙස සමරන බව ද පවසා තිබීම විශේෂත්වයකි.

මේ අතර, තමන් ජීවත්වූ ප්‍රදේශයන් නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහයක නිරතව සිටින කේප්පාපිලවු ජනතාවට සහාය පළ කරමින් මුල්ලතිව්, පුදුකුඩිඉරුප්පු ජනතාව විසින් ඊයේ දින ආරම්භ කරන ලද විරෝධතාවයද තවඳුරටත් පවත්වාගෙන යෑම විශේෂත්වයකි.