දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමෙන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් මහතාව ඝාතනය කිරීමට උත්සහ කිරීම, සැලසුම් සහගත නාටකයන් බව උතුරු පළාත් මහ ඇමැති සී.වී. විග්නේෂ්වරන් මහතා පවසයි.
උතුරේ හමුදා කඳවුරු ස්ථීරව පවත්වාගෙන යෑමේ අරමුණින් මෙලෙස කුමන්ත්‍රණයක් සැලසුම් කර ඇති බවත්, මේ සම්බන්ධයෙන් පොලිසිය ක්‍රියාමාර්ගයක් ගෙන ඇති බවද හෙතෙම පවසා තිබේ.
කෙසේ නමුත් සුමන්දිරන්ට මරණ තර්ජනයක් එල්ලවී තිබීම ගැන අධිකරණය වෙත කිසිවක් දැනුම් දී නොමැති බවත්, සුමන්දිරන්ව ඝාතනය කිරීමට උත්සහ කිරීම සම්බන්ධයෙන් අතඅඩංගුවට ගත් සැකකරුවන් සතුව තිබී මත්ද්‍රව්‍ය තොගයක් සොයාගත් බවත්, අධිකරණය වෙත දන්වා තිබෙන්නේ එය ගැන පමණක් බවද මහ ඇමැතිවරයා පෙන්වාදී තිබේ.
ඇත්තෙන්ම සුමන්දිරන්ව ඝාතනය කිරීමට උත්සහ කර තිබුණේ නම් එය ගැන පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කරනු ඇති බවත්, මේ සම්බන්ධයෙන් සත්‍යතාවය දැන ගැනීම අවශ්‍ය බව හෙතෙම පවසා තිබේ.
කාලයෙන් කාලයට මෙවැනි තර්ජන ගැන තොරතුරු නිකුත් කරමින් සිටින බවත්, කිලිනොච්චියේ ජයකුමාරි සිද්ධිය ගැන ද මෙලෙස ප්‍රචාරයක් සිදුකර තිබූ බවද හෙතෙම පෙන්වාදී තිබේ.
යාපනයේ තවඳුරටත් හමුදා කඳවුරු පවත්වාගෙන යෑමේ අරමුණින් මෙවැනි ප්‍රචාරයක් සිදුකරන්නේ දැයි සැකයක් මතුවන බවද හෙතෙම වැඩිදුරටත් පවසා තිබේ.
Add Comment