සයිටම් ගැන අධිකරණ තීන්දුව අනුව කටයුතු කරනවා – ලක්ෂ්මන් කිරිඇල්ල

මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් අධිකරණය ලබාදුන් තීන්දුව අනුව රජය කටයුතු කරන බව උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසා තිබේ.

අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුව ඊයේ (08) පාර්ලිමේන්තුවේදී පැවති අතර එහිදී අමාත්‍යවරය මේ බව පවසා තිබේ.

රජයේ විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කර ගැනීමේදී ප්‍ර‍තිඵල මත 40%ක් තෝරා ගන්නා අතර ඉතුරු 60%ක් දිස්ත්‍රික් අනුපාතය අනුව තෝරා ගන්නා බවත් එහිදී දිස්ත්‍රික් අනුපාතය අනුව තෝරා ගන්නා විට දුෂ්කර දිස්ත්‍රික්කවල සිසුන් අවම සමාර්ථ ලබා ගනිමින් වෛද්‍ය පීඨවලට ඇතුළත් වූ අවස්ථා තිබෙන බවත් අමාත්‍යවරයා පෙන්වා දී තිබේ.

කෙසේ වුවද ඉදිරියේදී තවත් වෛද්‍ය පීඨ දෙකක් ආරම්භ කිරීමට නියමිත බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top