පසුගිය ආණ්ඩුව මෙන් වත්මන් ආණ්ඩුව ද පොරොන්දු ඉටුකිරීමට අපොහොසත් වී ඇත – දෙ.ජා.ස.

පසුගිය ආණ්ඩුව මෙන වත්මන් ආණ්ඩුව ද ජනතාවට ලබාදුන් පොරොන්දු ඉටුකිරීමට අපොහොසත්වී ඇති බව දෙමළ ජාතික සන්ධානය පවසයි. මැතිවරණ කාලයේ ලබාදුන් පොරොන්දු මෙතෙක් ඉටකර නැති බවට එම පක්‍ෂය චෝදනා කර තිබේ.

ඊයේ දින පාර්ලිමෙන්තුවේදී පැවැති විවාදයට එක්වෙමින් දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී සිවශක්ති ආනන්දන් මහතා මේ බව පවසා තිබේ.

යහපාලන ආණ්ඩුව මැතිවරණ කාලයේදී දෙමළ ජනතාවට ලබාදුන් පොරොන්දු මෙතෙක් ඉටුකර නැති බවත්, දෙමළ ජනතාව මුහුණ දෙන ගැටළුවලට නිසි විසඳුමක් ලබාදීම අවශ්‍ය බවද හෙතෙම වැඩිදුරටත් පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top