සහල් මිල පාලනය කරමින් ගැසට් නිවේදනයක්

වෙළඳපොළ තුළ සහල් හිඟයක් ඇතීවීම වැළැක්වීමටත්, ඉහළ ගොස් ඇති සහල් මිල පාලනය කිරීම සඳහාත් ඊයේ (8) මධ්‍යම රාත්‍රියේ සිට සහල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරීමට පියවර ගත් බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

ඒ අනුව උපරිම සිල්ලර මිල නාඩු සඳහා රුපියල් 72 ක් ද, කැකුළු සඳහා රුපියල් 70 ක් ද, සම්බා සඳහා රුපියල් 80 ක් නියම කර ඇත.

ඊට අදාළ ගැසට් නිවේදනයක් මඟින් මෙම මිල ගණන් පෙන්වා දී ඇති අතර එය අද මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top