උතුරේ පෞද්ගලික බස් රථ වර්ජනයක්

උතුරු පලාතේ පෞද්ගලික බස්රථ හිමියන් අද (9) වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.

වව්නියාව ලංගම බස් සේවකයින් පසුගිය 2 වැනිදා කළ උපවාසය අතරතුරදී උතුරු පළාත් ප්‍රවාහන අමාත්‍යවරයාගේ රුව පඹයකුට අන්දවා එය ගිනි තැබීමට විරෝධය පළ කරමින් මෙලෙස වැඩ වර්ජනයක යෙදී සිටින අතර, මේ සම්බන්‍ධයෙන් පරීක්‍ෂණයක් පවැත්විය යුතු යැයි ඔවුන් ඉල්ලා තිබේ.

මෙම බස් රථ සේවකයන්ගේ වැඩ වර්ජනය හේතුවෙන් අද උදෑසන සිට වව්නියාව නගරයෙන් කිසිඳු පෞද්ගලික බස්රථයක් ධාවනය නොවන අතර මේ හේතුවෙන් ජනතාව ද අපහසුතාවයට පත් ව ඇති බව වාර්තාවේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top