නව ව්‍යවස්ථාව ගැන ජනමත විචාරණයකට රජය සූදානම් – ලක්ෂ්මන් කිරිඇල්ල

නව ව්‍යවස්ථාව ගැන ජනමත විචාරණයකට රජය සූදානම් බව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ දී අද(09) පවසා තිබේ.

නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ජනමත විචාරණයකට යාමට බලාපොරොත්තු වන බවත්, නව ව්‍යවස්ථාව තුළින් ජාතික ප්‍රශ්නය සඳහා 13 වන සංශෝධනය පදනම් කර ගත් විසඳුමක් ලබා දීම ආණ්ඩුවේ ස්ථාවරය බව ද හෙතෙම පවසා තිබේ.

නිදහස් පක්ෂයේද සහය ඇතිව නව ව්‍යවස්ථාව ගැන ජනමත විචාරණයකට ආණ්ඩුව සූදානම් බවත්, කෙසේ නමුත් තවමත් නව ව්‍යවස්ථාවේ එකම වගන්තියක් හෝ සකස් කර නැති බවද හෙතෙම පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top