යාපනය සරසවි සිසුන් ඝාතන සිද්ධියට සම්බන්‍ධ සැකකරුවන් යළි රිමාන්ඩ්

යාපනය විශ්වවිද්‍යාල සිසුන් දෙදෙනා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් යාපනය පොලිසියේ නිලධාරීන් පස්දෙනා ලබන 25 වැනිදා දක්වා යළි රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට යාපනය මහෙස්ත්‍රාත් එස්. සදීශ්කරන් මහතා නියෝග කර තිබේ.

අදාළ සිද්ධිය සම්බන්‍ධ නඩුව අද (9) දින යාපනය මහෙස්ත්‍රාත් එස්. සදීශ්කරන් මහතා ඉදිරියේ විභාගයට ගත් අවස්ථාවේ මෙලෙස නියෝග කර තිබේ.

යාපනය, කොක්කුවිල්, කුලප්පිට්ටි මංසන්ධිය ප්‍රදේශයේදී ඔක්තෝබර් මස 20 වැනිදා යාපනය විශ්වවිද්‍යාලයේ තුන වසරේ අධ්‍යාපනය ලද යාපනය, අලවේට්ටි, කන්දරෝඩ්ඩෛයි ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි එස්. සුලක්‍ෂන් නමැති තරුණයකු හා කිලිනොච්චිය ප්‍රදේශයේ පදිංචි නඩරාසා ගජන් නමැති 23 හැවිරිදි තරුණයකු එලෙස ජීවිතක්‍ෂයට පත්වීම සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගැනිණ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top