ශ්‍රී ලංකා හා මාලදිවයින් විදේශ ඇමැතිවරුන් අතර හමුවක්

මාලදිවයින හා ශ්‍රී ලංකාව අතර ඒකාබද්ධතා කොමිසම් සභාවේ තෙවන සැසි වාරයට සහභාගීවීම සඳහා විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා මාලදිවයිනේ දෙදින නිල සංචාරයක නිරත වේ.

මාලදිවයින් විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය මොහොමඩ් අසීම් මහතා පසුගිය දා විදේශ කටයුතු අමාත්‍යාංශයේදී ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා හමුවිය.

දෙරට අතර පවතින මිත්‍රත්වය හා සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට හා වැඩිදියුණු කිරීමට ගත යුතු ක්‍රියා මාර්ග පිළිබඳව මෙහිදී සාකච්ඡා විය. ශ්‍රී ලංකාව මාලදිවයින වෙත ලබාදෙන අඛණ්ඩ සහාය පිළිබඳ සිය ප්‍රසාදය පළ කළ අමාත්‍ය හසීම් මහතා දෙරට අතර නිරන්තර සාකච්ඡා පැවැත්වීමේ වැදගත්කම අවධාරණය කළේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top