ශ්‍රී ලංකාවේ තොරතුරු දැනගැනීමේ නීතිය ලෝකයේ තුන්වැනි තැනට

ශ්‍රී ලංකාවේ තොරතුරු දැන ගැනීමේ නීතිය, ලොව තුන්වැනි හොදම තොරතුරු දැනගැනීමේ නීතිය බව ලෝකයේ තොරතුරු දැන ගැනීමේ නීතිය ශ්‍රේණිගත කරන කැනඩාවේ නීතිය සහ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ මධ්‍යස්ථානය අනාවරණය කර අැත. එම මධ්‍යස්ථානය විසින් ප‍්‍රකාශයට පත්කරනු ලබන නවතම වාර්තාවේ මේ බව සදහන්ව අැති අතර දකුණු ආසියාවේ පළමු ස්ථානය හිමිව අැත්තේ ශ්‍රී ලංකාවටයි.

මෙම ශ්‍රේණිගත කිරීම් තුළ අනුපිළිවෙළින් පළමු වන සහ දෙවන ස්ථාන ලබාගෙන ඇත්තේ මෙක්සිකෝව සහ සර්බියාව යන රටවල්ය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top