කුමාරපුරම් සමූහ ඝාතනය, අදට වසර 21කයි

ත‍්‍රිකුණාමලය කුමාරපුරම් ගම්මානයේදි ද්‍රවිඩ ජාතික සිවිල් වැසියන් 26 දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදට වසර 21ක් අවසන්වීම නිමිත්තෙන් අද දින කුමාරපුරම් ප්‍රදේශයේ මියගිය පුද්ගලයන් සිහිපත් කිරීමේ වැඩසටහනක් පවත්වා තිබේ.

1996 පෙබරවාරි 11 වැනිදා කුමාරපුරම් ප්‍රදේශයේදී ශ්‍රී ලංකා හමුදාව සහ එයට අනුබද්ධ ආයුද කණ්ඩායම් විසින් සිඳුකළ සමූහ ඝාතන සිද්ධියෙන් කාන්තාවන් සහ ළමුන් ඇතුළු 26 දෙනෙකු මියගොස් තවත් 36 දෙනෙකු තුවාල ලැබූහ. එම ඝාතන සිද්ධිය සම්බන්‍ධයෙන් හමුදා සෙබළුන් කිහිප දෙනෙකුම සැකපිට අත්අඩංගුවට ගෙන 2004 වසරේදී පරීක්‍ෂණ කටයුතු ආරම්භ කර තිබුණි.

පසුගිය වසර 20කට වැඩි කාලයක් පැවැති ඉකුත් නඩුවේදී හමුදා සෙබළුන් 8 දෙනෙකු සැකකරුවන් ලෙස නම් කර තිබූ අතර, එයින් එක් අයකු නිර්දෝශි යැයි නිදහස් කළ අතර තවත් එක් අයකු මියගොස් තිබුණි.

අනතුරුව එම නඩුව දිගට විභාග කළ අතර, පසුගිය වසරේදී අනෙකුත් පිරිසද සියලූ චෝදනා වලින් නිදොස් කොට නිදහස් කර තිබීම විශේෂත්වයකි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top