අගමැති හෙට ඔස්ට්‍රේලියා යයි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිව් දින නිල සංචාරයක් සඳහා  හෙට (13) ඔස්ට්‍රේලියාව බලා පිටත්ව යාමට නියමිත බව වාර්තාවේ.

ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවන්ට හැත්තෑ වසරක් පිරීම නිමිත්තෙන් ඔස්ට්‍රේලියානු රජයේ නිල ආරාධනයක් මත මෙම සංචාරය සිදුකරන බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ලබන 17 වන දින දක්වා ඔස්ට්‍රේලියාව තුළ රැඳී සිටීමට නියමිතව තිබේ.

ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් මහතා ඇතුළු අමාත්‍යවරුන් සමඟ මෙල්බර්න් සහ කැන්බරා නගරයන්හි දී පැවැත්වෙන ද්විපාර්ශවික සාකච්ඡා ගණනාවකට වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා දූත පිරිස සහභාගී වන අතර, ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර සබඳතා තව තවත් තහවුරු කෙරෙන ගිවිසුම් කීපයකට ද මේ සංචාරය අතරතුරදී අත්සන් තැබීමට නියමිත බව ද පැවැසේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top