SAITM ප්‍රශ්නයට ජනපතිගෙන් විද්වත් කමිටුවක්

SAITM පුද්ගලික වෛද්‍යවිද්‍යාල සම්බන්ධ ගැටලුවට විසඳුම් සැලසීමේදී ඒ පිළිබඳ නිර්දේශ ලබාගැනීම සඳහා විශේෂ විද්වත් කමිටුවක් පත්කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර තිබේ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ හා රජයේ දන්ත වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිත පිරිසක් සමඟ ඊයේ (11) ජනාධිපති නිලනිවසේදී පැවති විශේෂ සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ බව පවසා තිබේ.

එහිදී මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් ඇති වී තිබෙන ගැටලු සහගත තත්වයට විසඳුම් ලබාදීම සඳහා සැලකිල්ලට ගතයුතුව ඇතැයි අදහස් කරන යෝජනා මාලා දෙකක් රජයේ වෛද්‍යවරුන් විසින් ජනාධිපතිවරයාට භාරදී තිබේ.

පෞද්ගලික විශ්ව විද්‍යාල සම්බන්ධයෙන් උද්ගත වී ඇති ගැටලුවලට විසඳුම් ලබාදීමේදී ඊට අදාළ සියලුම පාර්ශවයන් වෙතින් මෙන්ම රටේ අනෙකුත් ක්ෂේත්‍ර නියෝජනය කරන විද්වතුන්ගේ ද යෝජනා හා නිර්දේශ සැලකිල්ලට ගැනීමට තමා අදහස් කරන බව ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top