කරුණා අම්මාන්ගෙන් අලුත් පක්‍ෂයක්..

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු උප සභාපතිවරයෙකු වූ විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන්ගේ ප‍්‍රධානත්වයෙන් නව දේශපාලන පක්ෂයක් පිහිටුවා තිබේ. එම පක්‍ෂයේ ආරම්භය ඊයේ සෙනසුරාදා (11) මධ්‍යම වීදියේ පෝක්කස් නිවාසයේ පැවැත්විණි.

දෙමළ එක්සත් නිදහස් පෙරමුණ නම් මෙම පක්ෂයේ ලේකම්වරයා ලෙස ටී. කමලදාස් පත්කර තිබෙන අතර, මඩකළපුවේ සිට උතුර, නැගෙනහිර ඒකාබද්ධ කර දේශපාලන කටයුතු පවත්වාගෙන යන අරමුණින් මෙම පක්‍ෂය පිහිටුවා ඇති බව පැවැසේ.

ඉදිරියේ දී මෙම පක්ෂය ලියාපදිංචි කිරීමට කටයුතු කරන බව විනයාගමූර්ති මුරලිදරන් වැඩිදුරටත් පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top