SRILANKAN NEWS

කෝප් කමිටුවට වැඩි බලතල ලබා දෙන්න – සුනිල් හඳුන්නෙත්ති

පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව සතු බලතල පුළුල් කරන ලෙස හා මහජනතාවට සෘජුව සම්බන්ධ විය හැකි ලෙස ස්ථාවර නියෝග වෙනස් කරන ලෙස පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ සභාපති ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා කථානායක කරූ ජයසූරියගෙන් ඉල්ලා ඇතැයි වාර්තා වේ.

පාර්ලිමේන්තු ස්ථාවර නියෝග වෙනස් කිරීම සඳහා මේ වනවිට කටයුතු ආරම්භ වී ඇති බැවින් සභාපතිවරයා මෙම ඉල්ලීම කර තිබේ.

ඒ අනුව කෝප් කමිටුව දැනට විමර්ශනය කරනා වියදම් පාර්ශ්වයට අමතරව ආදායම් ලැබුණු ආකාරය විමර්ශනය කිරීමට ඇති බලය, දැනට ඇති වාර්තා කිරීමේ බලතලවලට අමතරව ඊට එහා ගිය බලතල ලබාදිය හැකිද යන්න පිළිබඳව, සභාවේ කටයුතු මාධ්‍යයට විවෘත කිරීම, මහජන අදහස් විමසීම, කරුණු දැක්වීමට අවස්ථාව සැලසීම, යනාදී කරුණු පිළිබඳව බලය ලැබෙන පරිදි ස්ථාවර නියෝග වෙනස් කිරීමට යෝජනා කර ඇතැයි සුනිල් හඳුන්නෙත්ති මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත.