විසඳුම් යෝජනාව පිළිබඳ කටයුතු අවසන් අදියරේ – සුමන්දිරන්

රටේ සියළු පාර්ශවයන් පිළිගත හැකි දේශපාලන විසඳුමක් ඉදිරිපත් කළ යුතුයි යන්න සියළු දෙනාගේම බලාපොරොත්තුව බවත් ඒ සඳහා වූ කටයුතු අවසන් අවසන් අදියරේ පවතින බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමෙන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් මහතා පවසා තිබේ.

ශ්‍රී ලංකා නීතීඥ සංගමය විසින් යාපනයේ පවත්වන ලද කාලීන දේශපාලනය පිලිබඳ සම්මන්ත්‍රණයකට එක්වෙමින් හෙතෙම මේ බව පවසා තිබේ.

පසුගිය වසර 60ක කාලයක් සිදුකළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා වෙනසකින් සැලකිය යුතු වෙනසක් සිඳු නොවූ බවත්, මෙවර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දෙමළ ජනතාවගේ අභිලාෂයන් ඉටුකරන අයුරින් තිබිය යුතු යැයි හෙතෙම වැඩිදුරටත් පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top