මුස්ලිම් කොංග්‍රසයේ නව මහ ලේකම් ලෙස කාදර්ව පත්කරයි..

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නව මහ ලේකම්වරයා ලෙස මන්සූර් ඒ. කාදර් මහතා පත්කර තිබේ.

මුසිලිම් කොංග්‍රසයේ 27 වන නියෝජිත සමුළුවේ දෙවන සැසිවාරය අද(12) කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වුණි. එහිදි මෙලෙස කාදර් මහතාව නව ලේකම්වරයා ලෙස පත්කර තිබේ. මීට පෙර මුස්ලිම් කොංග්‍රසයේ මහ ලේකම්වරයා ලෙස හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රී හසන් අලි මහතා කටයුතු කළේය.

මේ අතර අද දින ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නව නිළධාරි මණ්ඩලය සහ උත්තරීතර කාරක සභා සාමාජිකයන්වද ප්‍රකාශයට පත්කිරීමට නියමිත බව පැවැසේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top