SRILANKAN NEWS

රාජ්‍ය ආයතනවලින් සයිටම් විරෝධි සතියක්..

මුදලට වෛද්‍ය විද්‍යා උපාධිය විකුණන මාලඹේ සයිටම් ආයතනය වසා දමන්නැයි බලකරමින් රාජ්‍ය ආයතනල කළු විරෝධතා සතියක් ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය විසින් නම් කර තිබේ.

ඒ අනුව සියළුම රාජ්‍ය ආයතනවල රාජ්‍ය සේවකයන් කළු පටි පැලඳ සේවයට වාර්තා කිරීම, රාජ්‍ය ආයතනවල කළු කොඩි ඔසවා තැබීම ආදී විරෝධතා ක්‍රියාමාර්ග සතියක් පුරා නුගමණය කිරීමට ඔවුන් තීරණය කර ඇති බවත් මෙවැනි විරෝධතා ක්‍රියාමාර තව දුරටත් අඛණ්ඩව වෘතිය සමිති මට්ටමින් ක්‍රියාත්මක කරමින් මාලඹේ SAITM අහෝසි කරන ලෙස රජයට දිගින් දිගටම බලපෑම් කරන බවත් ඔවුන් පවසයි.

මේ අතර, මාලඹේ සයිටම් පෞද්ගලික ආයතනය වසා දමන ලෙස බලකරිමින් සෞඛ්‍ය කෂේත්‍රයට සම්බන්ධ වෘත්තීය සමිති 15ක් ලබන 20වනදා එක්දින වැඩවර්ජනයක නිරතවන බව පෞද්ගලික වෛද්‍ය විද්‍යාල විරෝධී මධ්‍යස්ථානය ඊයේ (12) දින පවසා තිබුණි.