සුමන්දිරන්ව ඝාතනය කිරීමට උත්සහ කළ සැකකරුවන් යළි රිමාන්ඩ්

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමෙන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් මහතාව ඝාතනය කිරීමට උත්සහ කළැයි චෝදනා මත අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන් පස් දෙනා ලබන 27 වැනිදා දක්වා රක්‍ෂිතා බන්‍ධනාගාර ගත කරන ලෙස නියෝග කර තිබේ.

කිලිනොච්චිය අධිකරණයේදී අද දින විනිසුරු ඒ.ඒ. ආනන්දරාජා මහතා ඉදිරියේ අදාළ නඩුව විභාග ගත් අවස්ථාවේ විනිසුරුවරයා සැකකරුවන්ව තවඳුරටත් රක්‍ෂිත බන්‍ධනාගාර ගත කරන ලෙස නියෝග කළේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top