SRILANKAN NEWS

සහල් සඳහා උපරිම සිල්ලර මිල සංශෝධනය කරයි..

සහල් සඳහා උපරිම සිල්ලර මිල සංශෝධනය කර ඇති බව වාර්තාවේ. නව මිල ඊයේ (17) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත් වන බව පැවැසේ.

ඒ අනුව දේශීය නාඩු සහල් කිලෝවක උපරිම සිල්ලර මිල 80.00 කි. ආනයනික කැකුළු සහල් කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 70.00ක් වන අතර දේශීය කැකුළු කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 78.00කි. ආනයනික සම්බා කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 80.00ක් වන අතර දේශීය සම්බා කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 90.00 ලෙස නියම කර තිබේ.

පසුගිය දා හාල් සඳහා උපරිම සිල්ලර මිලක් රජය විසින් නියම කිරීමෙන් පසු වී ගොවීන් හා සහල් ආනයන කරුවන් සමග පැවැත්වූ සාකච්ඡා අනුව ජනාධිපතිවරයා විසින් ලබාදුන් උපදෙස් පරිදි මෙලෙස නව මිල නියම කරන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතා පවසා තිබේ.