අභියාචනාධිකරණ තීන්දුව වෛද්‍ය සභාව ප්‍රතික්ෂේප කරයි

මුදලට වෛද්‍ය උපාධිය විකුනන මාලඹේ සයිටම් ආතනය සම්බන්ධයෙන් පසුගියදා අභියාචනාධිකරණය විසින් ලබා දුන් තීන්දුව ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව තීරණය කර තිබේ.

ඒ ඊයේ (17) පස්වරුවේ පැවති වෛද්‍ය සභාවේ රැසවීමේදී මේ සම්බන්ධයෙන් තීරණය කර ඇති අතර එහිදී වැඩිදුටත් තීන්දු කර ඇත්තේ සයිටම් ආයතනය සම්බන්ධයෙන් අභියාචනාධිකරණය ලබා දුන් තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඇපෑලක් ගොනු කිරීමට ය.

මෙම තීන්දුව සම්බන්ධයෙන් මාධ්‍ය වෙත දැනුම්දෙමින් වෛද්‍ය සභාවේ සභාපති කාලෝ ෆොන්සේකා මහතා සඳහන් කර සිටියේ වෛද්‍ය සභාවේ සියලුම සාමාජිකයන් එම යෝජනාව ඒකමතිකව සම්මත කළ බවය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top