මාධ්‍යවේදී කීත් නොයා මහතා පැහැරගෙන ගොස් සිරකර තබා පහර දීම සම්බන්ධයෙන් සැකපිට යුද හමුදා සාමාජිකයින් 3 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අද (18) උදෑසන අත්අඩංගුවට ගෙන තිබේ.
ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව ඔවුන් ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. දීර්ඝ කාලයක් සිදු කළ විමර්ශනවලින් පසු අද අලුයම ඔවුන් අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කරයි.
නේෂන් පුවත්පතේ මාධ්‍යවේදීයෙකු ලෙස කටයුතු කළ කීත් නොයාර් මහතා 2008 වසරේ මාර්තු මාසයේ දෙහිවල සිය නිවස ආසන්නයේදී කිසියම් පිරිසක් විසින් පැහැරගෙන ගොස් පහරදී පසුව නිවස අසලට ගෙනවිත් දමා ගොස් තිබුණි.
Add Comment