උතුර, නැගෙනහිර ඒකාබද්ධ කිරීමට නොහැක – රවූෆ් හකීම්

පාර්ලිමෙන්තුවේ බහුතරයකින් තොරව උතුර සහ නැගෙනහිර ඒකාබද්ධ කිරීමට නොහැකි බව මුස්ලිම් කොංග්‍රසයේ නායක හා අමාත්‍ය රවූෆ් හකීම් මහතා පවසයි.

උතුරු පළාත් මහ ඇමැති සී.වී. විග්නේෂ්වරන් ඇතුළු පිරිස කුමන ආකාරයක උද්ඝෝෂණ පැවැත්වුවත් එමඟින් උතුර, නැගෙනහිර ඒකාබද්ධ කිරීමට නොහැකි බවත්, පළාත් දෙක ඒකාබද්ධ කිරීමේ කටයුත්තට මුස්ලිම් ජනතාව විරුද්ධ ස්ථාවරයක සිටින බවද හෙතෙම පවසා තිබේ.

තවද පළාත් දෙකම ඒකාබද්ධ කිරීමට නම් පාර්ලිමෙන්තුවේ බහුතර අනුමැතියක් ලබාගත යුතු බවත් එය අසාර්ථක කටයුත්තක් බැවින් උතුර නැගෙනහිර ඒකාබද්ධ කිරීමේ කාරණාව අත්හැර, ප්‍රශ්ණවලට විකල්ප විසඳුමක් ලබා ගැනීමට උත්සහ කළ යුතු යැයි හෙතෙම වැඩිදුරටත් පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top