කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ ගැබිණි මව්වරුන් දෙදෙනෙකුට සූකර උණ හෙවත් H1N1 ඉන්ෆ්ලුවන්සා රෝගය වැළදී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය පර්යේෂ ආයතනය විසින් අද (18/02/2017) දින තහවුරු කර තිබේ.
ඔවුන් සමඟ මෙතෙක් ළමුන් තිදෙනෙකු ඇතුළු හය දෙනෙකුට සූකර උණ වැළදී ඇති බව තහවුරුවී තිබේ.
එමෙන් කිලිනොච්චිය ප්‍රදේශයේ සූකර උණ ඉතා වේගයන් පැතිර යාම ගැන ජනතාව දැනුවත් විය යුතු අතර, ජනතාව එක්රැස් වන ස්ථාන, කෝවිල් උත්සව, වෙළඳසැල්, බස් හා දුම්රිය ගමන්වලින් වැලකී සිටීමෙන් සහ මෙම රෝගය වැළඳුණු අයගෙන් වැළකි සිටිමෙන් ගැබිණි මව්වරුන් මෙම රෝගයෙන් ආරක්ෂාවිය හැකි බව දැනුම් දී තිබේ.
සූකර ඉන්ෆ්ලුවෙන්සා වයිරස (Swine Influenza Virus) ලෙස ප්‍රසිද්ධ වූ ශ්වසන පද්ධතිය ආසාදනය ඇතිකරන රෝගයකි. මෙම වෛරසය පහසුවෙන් සහ ඉතා ඉක්මනින් පැතිරේ.
රෝග ලක්ෂණ
- උණ
- කැස්ස
- වමනය
- උගුර රිදීම
- ඇඟ රිදීම
- සීතල දැනීම
- මහන්සිය
- බඩයාම / පාචන තත්ත්වයන්සූකර උණ රෝග ලක්ෂණ පෙන්වන්නේ සාමාන්‍යයෙන් ආසාදනය වී දින 3 ත් 5 ත් අතර වන අතර රෝගය වැළඳීමෙන් අනතුරුව දින 8 ක් පමණ කාළයක් මෙම රෝගය ශරීරය තුළ පවතී.
සාමාන්‍ය නිරෝගී පුද්ගලයෙකුට සූකර උණ වැළඳුනහොත්, සහ සුළු රෝග ලක්ෂණ පමණක් පෙන්වුවහොත්, වෛද්‍ය පරීක්ෂාවකින් තොරවම සාමාන්‍ය උණ හෙම්බිරිස්සාවට ගන්නා ප්‍රතිකාර වලින් සුව කරගත හැක. මෙය වඩාත්ම භයානක වන්නේ ගැබිණි මව්වරුන්, හෘද රෝගීන්, ඇදුම වැනි රෝග ඇත්තවුන් ආදියටයි.දෙවන කාණ්ඩයට අයත් රෝගීන් වහා රෝහල්ගත කිරීම වඩා හොඳය.
එසේම මෙම තත්ත්වය සංකීර්ණ වුවහොත්, හෘද රෝග, ඇදුම, දියවැඩියාව වැනි රෝග උත්සන්න වීමේ හැකියාව වැඩිය. ඔවුනට නියුමෝනියාව, ශ්වසන අපහසුතා ඇති වීමේ අවදානම ද අධිකය.
Add Comment