ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර නිදහස් වෙළඳ ගිව්සුමක්..

තායිලන්තය හා ශ්‍රී ලංකාව අතර නිදහස් වෙළෙඳ ගිවිසුමක් මෙම වසරේ අත්සන් කිරීමට නියමිත බව අනාවරණය වේ.

ඉදිරි පස් වසර තුළ අමෙරිකානු ඩොලර් බිලියන 15 ක් ආයෝජනය කර දෙරට අතර ද්වී පාර්ශවීය වෙළෙඳ සබඳතා තුන් ගුණයකින් වර්ධනය කර ගැනීමට ඒ අනුව කටයුතු කරන බව දෙපාර්ශය විසින්කම පවසනු ලබයි.

තායිලන්ත අගමැති හා ශ්‍රී ලංකාවේ සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු අමත්‍ය මලික් සමරවික්‍රම මහතා සමඟ පැවැත් වු සාකච්ඡාවකින් පසුව මෙලස තීරණය කර ඇත.

එමෙන්ම තායිලන්ත අගමැති විසින් ශ්‍රී ලංකාව හා තායිලන්තය අතර ආර්ථික ප්‍රථිලාභ කඩිනමින් ශක්තිමත් කර රටවල් දෙකෙහි උපායමාර්ගික සහයෝගීතාවයක් පැවැත්වීමට යෝජනාවක් ද ඉදිරිපත් කර ඇති බව ද වාර්තා වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top