යාපනය විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පීඨ සිංහල සිසුන් අතර ඇතිවූ ගැටුමකින් සිව්දෙනෙකු තුවාල ලබා යාපනය රෝහලට ඇතුලත් කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් කෝප්පායි පොලීසිය හය දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
යාපනය විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පීඨයේ තෙවන වසරේ ඉගෙනුම ලබන සිංහල සිසුන් පිරිසක් විශ්ව විද්‍යාලයට පිට නේවාසිකාගාරව සිට අධ්‍යාපනය ලබමින් සිටිති. එලෙස පිටත නේවාසිකාගාරව සිටින සිසුන්ව විශ්ව විද්‍යාල නේවාසිකාගාරයට පැමිණෙන ලෙස අනෙකුත් සිසුන් ඇරයුම් කර තිබේ. නමුත් එයට එම සිසුන් එකඟ නොවීම හේතුවෙන් ඊයේ දින ඔවුන් අතර ගැටුම්කාරි තත්වයක් හටගෙන තිබේ.
සිද්ධියෙන් තුවාල ලැබූ සිසුන් කෝප්පායි පොලිසියට කළ පැමිණිල්ලකට අනුව අද ඉරිදා දින ප්‍රශ්ණ කිරීමක් සඳහා සිසුන් 7 දෙනෙකුව පොලිසියට කැඳවා තිබේ.
අනතුරුව විශ්ව විද්‍යාලයට පිට නිවසක රැඳී සිටි සිසුන්ව සොයාගෙන ගිය සෙසු සිසුන් කළ පහරදීමකින් සිව්දෙනෙකු තුවාල ලබා තිබේ. තුවාල ලැබූ සිසුවකු දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කර ඇති බව ද වාර්තාවේ.
සිද්ධිය සම්බන්ධයෙන් කෝප්පායි පොලිසිය විසින් හය දෙනෙකුව අත්අඩංගුවට ගෙන ඇති අතර, විමර්ශණවලින් අනතුරුව ඔවුන්ව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පැවැසේ.
Add Comment