කළුතර මුහුදේදී බෝට්ටුවක් පෙරළීමෙන් පුද්ගලයින් 13 ක් මරුට

අද (19) උදෑසන බේරුවලින් මුහුදු ගිය යාත්‍රාවක් කළුතර මුහුදු ප්‍රදේශයේදී පෙරළීමෙන් එහි ගමන් ගත් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තාවේ.

ආගමික කටයුත්තක් සඳහා බේරුවල සිට කටුකුරුන්ද දක්වා බෝට්ටු පෙරහැරකින් ගමන් කරමින් සිටියදී මෙම අනතුර සිදුව තිබේ. බෝට්ටුවේ විශාල පිරිසක්දෙ සිටින්නට ඇති බවත් අතුරුදන් වූවන් සොයා වරායේ විශාල බෝට්ටු දියත් කර තිබෙන අතර නාවික හමුදාවද එක්වී මෙහයුම් කටයුතු සිදුකරන බව පොලිසිය සඳහන් කරයි.

මිය ගිය පුද්ගලයින්ගේ සිරුරු නාගොඩ රෝහලට රැගෙන ගොස් ඇති බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ ය

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top