SRILANKAN NEWS

සවිකරන නිවාස සඳහා අයඳුම් කළ විශාල පිරිසකට ඉඩම් නැහැ

නැවැත පදිංචි කිරීමේ අමාත්‍යංශය විසින් ලබාදීමට නියමිත සවි කරන නිවාස සඳහා අයඳුම් කළ විශාල පිරිසකට තමන්ට කියා ඉඩමක් නැති බව රාජ්‍ය නිළධාරියකු පවසයි. මේ සම්බන්‍ධයෙන් ඔහු වැඩිදුරටත් පවසා සිටියේ,..

සවිකරන නිවාස සඳහා අයඳුම්පත් කැඳවූ අවස්ථාවේ අයඳුම්කරුවන්ගෙන් ඉඩමක් තිබෙනවාදැයි විමසා තිබුණේ නැහැ, මාධ්‍යවල දැන්වීම් පළ කර අයඳුම්පත් කැඳවූ නමුත් ඉඩම් තිබේදැයි සහතික කර නැති බව ඔහු පවසා තිබේ.

මේ අතර, පසුගිය කාලයේ නිවාස ව්‍යාපෘති සඳහා ලකුණු ලබාදීමේ ක්‍රිමයක් යටතේ නිවාස ලාභීන්ව තෝරාගෙන තිබුණි. නමුත් මෙම සවිකරන නිවාස ව්‍යාපෘතියට එවැනි කිසිඳු ක්‍රමවේදයක් අනුගමනය කර නැත. නිවාස අවශ්‍ය ද? අයඳුම් කරන්න යැයි ඉල්ලා තිබුණි. එමෙන් විශාල පිරිසක් නිවාස ලබා ගැනීම සඳහා අයඳුම්කර තිබේ.

තවද අයඳුම්පත්‍ර ඉදිරිපත් කළ බොහෝ දෙනෙකු නැවැත පදිංචි කිරීමේ අමාත්‍යංශයට සෘජුවම සිය අයඳුම්පත්‍රය යවා ඇති අතර, ග්‍රාම සේවා නිළධාරියා හරහා ද අයඳුම්කර තිබේ. එමෙන් ඔවුන් අයඳුම්පත් දෙකක් ඉදිරිපත් කර තිබේ. මෙවැනි තත්වයකදී නිවාස ලාභීන්ව තෝරා ගන්නේ කෙසේදැයි තීරණයක් ගෙන නොමැත.

එයින් පැහැදිළිවන්නේ මෙය හුදෙක් දේශපාලන අරමුණක් සඳහා කොපමණ දෙනෙකු සවි කරන නිවාස සඳහා අයඳුම් කරන්නේ දැයි පෙන්වීමට මාධ්‍ය මඟින් ප්‍රචාරය කර අයඳුම්පත් කැඳවා ඇතැයි ඔහු වැඩිදුරටත් පවසා තිබේ.