SRILANKAN NEWS

සීමා නිර්ණ වාර්තාවට සුළු පක්‍ෂ විරුද්ධයි – මනෝ ගනේෂන්

සීමා නිර්ණ වාර්තාව ගැන සුළු පක්‍ෂ සිය විරෝධය පළ කරන බව අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පවසයි. පැරණි ඡන්ද ක්‍රමයට පළාත් පාලන මැතිවරණය පැවැත්විය යුතු යැයි ඔහු ඉල්ලා තිබේ.

මේ සම්බන්‍ධයෙන් සුළු පක්‍ෂවල නායකයන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවී සාකච්ඡා කිරීමට තීරණය කර ඇති බවත්, සැකසූ සීමා නිර්ණ වාර්තාව ගැන සුළු පක්‍ෂවල අදහස් නොවිමසා එය ගැසට් කර ඇති බවද හෙතෙම පවසා තිබේ.

සුළු ජාතීන් නියෝජිතයන්ට බාධාවක් ඇති විය හැකි අයුරින් ඉකුත් සීමා නිර්ණ වාර්තාව සකසා ඇති බවත්, සුළු පක්‍ෂ සියල්ල සමඟ සාකච්ඡා කරන ලෙස අග්‍රාමාත්‍යවරයා දැනුම් දී ඇති නමුත්, විෂය භාර ඇමැතිවරයා අත්තනෝමතිකව කටයුතු කර එම වාර්තාව ගැසට් කර ඇති බවද මනෝ ගනේෂන් මහතා වැඩිදුරටත් පවසා තිබේ.