මහ බැංකු අධිපතිගෙන් අද ප්‍රශ්ණ කරයි..

මහ බැංකුවේ භාණ්ඩාගර බැදුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ සාක්ෂි විභාගය අද (21) සිට ආරම්භ කෙරේ. ඒ අනුව අද දිනයේදී මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා කොමිෂම හමුවේ සාක්ෂි ලබා දීමට නියමිතය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන කේ.ටී. චිත්‍රසිරි, ප්‍රසන්න ජයවර්ධන සහ හිටපු නියෝජ්‍ය විගණකාධිපති වේලායුදම් පිල්ලේ යන මහත්වරුන්ගෙන් සමන්විත කොමසාරිස්වරුන් හමුවේ මෙම සාක්ෂි විභාග කිරීම ආරම්භ වේ.

කොළඹ 12, අධිකරණ මාවතේ, නො:94 දරණ අධිකරණ කාර්යාල පරිශ්‍රයේදී පෙ.ව 10.45ට සිට කුමාරස්වාමි මහතාගෙන් සාක්ෂි විමසීම සිදුකරන බව එම කොමිෂන් සභාවේ ලේකම් එස්.උඩුගමසූරිය මහතා පැවසීය.

2015 පෙබරවාරි 01 වැනිදා සිට 2016 මාර්තු 31 වැනිදා දක්වා කාලසීමාව තුළ භාණ්ඩාගාර බැඳුම්කර නිකුතූන් පිළිබඳ පරීක්ෂා කිරීම, විමර්ශනය කිරීම හා වාර්තා කිරීම සඳහා මහජන අදහස් හා සාක්ෂි සටහන් ලබාගැනීම අද දින සිට ආරම්භ කරන බවද ලේකම්වරයා සඳහන් කළේය.

අතිරේක සොලිසිටර් ජනරාල්වරුන් වන දප්පුල ද ලිවේරා සහ යසන්ත කෝදාගොඩ යන මහත්වරු සාක්ෂි මෙහෙයවමින් කොමිසමේ කටයුතු සඳහා සහාය ලබාදෙති.

– sathhanda

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top