උතුරු මැද – නැගෙනහිර පළාත්වල අද “සයිටම්” විරෝධී සංකේත වර්ජනයක්..

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ පළාත් දෙකක සාමාජිකයින් අද (23) දිනය තුළ පළාත් දෙකක් තුළ සංකේත වැඩවර්ජනයක නිරතව සිටියි.

මාලඹේ සයිටම් පුද්ගලික වෙෙද්‍යවිද්‍යාලය සම්පබන්ධයෙන් විරෝධය පළ කරමින් උතුරු මැද සහ නැගෙනහිර පළාත් දෙකෙහි වෙෙද්‍යවරුන් මෙසේ සංකේත වර්ජනයක නිරතව සිටින අතර පෙරවරු 8.00 සිට දහවල් 12.00 දක්වා මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය දියත් කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසා සිටියි.

මෙම වැඩවර්ජනය සඳහා පෞද්ගලික වෛද්‍ය විද්‍යාල විරෝධී මධ්‍යස්ථානය ඇතුළු සංවිධාන කිහිපයක් සහාය පල කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top