කොරියානු රජයේ දූත පිරිසක් ජනමාධ්‍ය ඇමැති හමුවෙති

කොරියානු රජයේ දූත පිරිසක් පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පසුගියදා අමාත්‍යාංශයේදී හමුවිය.

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව වෙත සිදු කිරීමට නියමිත ආධාර පිළිබඳ සොයා බැලීම සඳහා කොරියානු දූත පිරිස ශ්‍රී ලංකාවේ චාරිකාවක නිරතව සිටිති.

නිල සංවර්ධන ආධාර යටතේ කොරියානු විද්‍යා, තොරතුරු තාක්ෂණ හා සැලසුම් අමාත්‍යාංශය සහ ගුවන්විදුලි ප‍්‍රවර්ධන සංගමය විසින් අදාළ පරිත්‍යාග සිදු කිරීමට නියමිතයි. එම ආයතන නියෝජනය කරමින් පාර්ක් ජොන්ග්සිල් සහ චෝ සුමි යන ව්‍යාපෘති කළමනාකාරවරියන් හා කොරියානු විකාශන සේවාවේ අධීක්ෂක කිම් චූන් ඩොන්ග් මහතා මේ හමුවට එක්වූහ.

රූපවාහිනී විකාශ සඳහා අවශ්‍ය මාධ්‍ය වත්කම් කළමනාකරණ හා ඩිජිටල් සංරක්ෂණ පද්ධතියක් පිරිනැමීමට අපේක්ෂිතයි. වසර 35 ක රූපවාහිනී ඉතිහාසය තුළ ජාතික වශයෙන් වැදගත් සිදුවීම්වලට අදාළ සංරක්ෂිත වීඩියෝ දර්ශන රැසක් රූපවාහිනී සංස්ථාව සතුයි. නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන, අමාත්‍යාංශ ලේකම් නීතීඥ නිමල් බෝපගේ යන මහත්වරුන් හා ආයතන කිහිපයක නිලධාරීන් පිරිසක් ද මේ අවස්ථාවට සහභාගී වුහ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top