SPORTS

උසෙයින් බෝල්ට් තෙවන වරටත් ලොව වේගවත්ම මිනිසා වෙයි..

Boltජමෙයිකාවේ උසෙයින් බෝල්ට් ඔලිම්පික් ඉතිහාසයේ මීටර් 100 ඉසව්ව අඛණ්ඩව තෙවන වරටත් ජයගත් ලොව එකම හා පළමු ක්‍රීඩකයා ලෙස ඔලිම්පික් වාර්තා අතර සිය නාමය රැඳවීමට සමත් විය.

බ්‍රසීලයේ රියෝ ද ජැනෙයිරෝ නුවර පැවැත්වෙන ඔලිම්පික් තරගාවලියේ මීටර් 100 තරග ඉසව්ව තත්පර 9.81කින් අවසන් කරමින් රන් පදක්කම දිනාගත් උසෙයින් බෝල්ට් යළි ලොව වේගවත් ම මිනිසා ලෙස පත්වුණි.

මීට පෙර 2008 හා 2012 ඔලිම්පික් ක්‍රීඩා උලෙලවලදී ද මීටර් 100 ඉසව්වේ
රන් පදක්කම හිමිකරගත් ඔහු, මීටර් 100 ඉසව්ව තත්පර 9.58කින් නිම කර ලෝක වාර්තාව තැබීමට ද පසුගිය ඔලිම්බික් තරඟවලියේ සමත්වූහ.

ඊයේ දින පැවැති තරඟ ඉසව්වේ රිදී පදක්කම ඇමරිකා එක්සත් ජනපදයේ ජස්ටින් ගැට්ලින් හිමිකර ගත් අතර 21 හැවිරිදි ක්‍රීඩකයෙකු වන කැනඩාවේ ඇන්ඩ්‍රි ඩී ග්‍රේස් ලෝකඩ පදක්කම හිමිකරගත්තේ ය.

මෙවර මීටර් 100 ඉසව්වේ රන් පදක්කම උසෙයින් බෝල්ට් අහිමිවනු ඇතැයි විවිධ පුද්ගලයින් අනාවැකි පළ කර තිබීම ද විශේෂත්වයකි.