හමුදා බුද්ධි අංශ නිලධාරීන් පාවා නොදිය යුතුයි – ඒකාබද්ධ විපක්ෂය

මාධ්‍යවේදියෙකුට හෝ යම් අයෙකුට යම් පහරදීමක් සිදුව ඇත්නම් ඒ සමබන්ධයෙන් නිසි පරීක්ෂණයක් සිදු කර තරාතිරම නොබලා දඩුවම් කළ යුතු නමුත් මාධ්‍යවේදී කීත් නොයාර් මහතාට පහරදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින හමුදා බුද්ධි අංශ නිලධාරීන් පාවා දීම නොකළ යුතු බව ඒකාබද්ධ විපක්ෂය අවධාරණය කර සිටියි.

පසුගිය (23) බත්තරමුල්ල, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේදී පවත්වන ලද මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් මෙම අදහස් පළ කරන ලද්දේ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසිනි.

ඉහත සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව සිටින හමුදා සාමාජිකයින්ගේ ඡායාරූප හදුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට පෙර එම මාධ්‍යවේදියාගේ පවුලේ සාමාජිකයින් වෙත ඉදිරිපත් කර ඇති බැවින් සිද්ධිය සම්බන්ධයෙන් නීතිය නිසි පරිදි ක්‍රියාත්මක වේදැයි යන සැකය මුතු වන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා වැඩිදුරටත් පවසා සිටින ලදී. මෙම මාධ්‍ය හමුව සදහා පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් සහ ෂෙහාන් සේමසිංහ යන මහත්වරුන්ද සහභාගි විය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top